Header Ads

Breaking News
recent

යුක්රේනුවන්ගේ යාල-මිරිස්ස ගමන කිමාලි දැනගෙන හිටියා: උදයංගගෙන් සංචාරක සභාපතිනියට දැඩි ප්‍රහාරයක් !

ලංකාවට පැමිණ සිටි යුක්රේන සංචාරකයන්ගේ යාල සහ මිරිස්ස සංචාරයන් පිළිබදව සංචාරක මණ්ඩලයේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය 100%ක්ම දැන සිටි බව අදාළ සංචාරකයන් ගෙන්වීම භාරව සිටි හිටපු යුක්රේන තානාපති උදයංග වීරතුංග මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේදී මෙම කාලසටහන් සැකසූ බවත්, එහිදී යාල හා මිරිස්ස සංචාරයන් එම කාලසටහනට ඇතුළත්ව තිබූ බවත්ය.

කෙසේවෙතත් සංචාරක සභාපතිනිය මෙම සංචාරය සිදු නොවනු ඇති බව සිතා සිටි නමුත් එම සංචාරය සාර්ථක වීමෙන් පසු මේ ආකාරයේ ලිපියක් යොමු කොට ඇති බවද හෙතෙම සදහන් කළේය.

යුක්රේන ජාතිකයන්ගේ යාල සංචාරයෙන් පසු සංචාරක සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ තමන් මෙම සංචාරයන් පිළිබදව කිසිවක් නොදන්නා බවකි


No comments:

Powered by Blogger.