Header Ads

Breaking News
recent

උඹලාගෙ දළදා මාලිගාව කුඩුකරනවා කියා 119 ට ඇමතුම් තුනක් දුන් දෙහිවල වෛද්‍යවරයා අත්අඩංගුවේ !

හනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩුකර දමන බව කියමින් පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන් බව කියන දෙහිවල කල්දේරා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පෙරේදා (05) රාත්‍රි අත්අඩංගුවට ගත් බව දෙහිවල  පොලිසිය කියයි.  මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අවුරුදු 51 ක් පමණ වයසැති මුස්ලිම් ජාතිකයෙකි.  අත්අඩංගුවට ගත් සැකකරු වසර 04 ක පමණ කාලයක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අයකු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.

සැකකරුගේ පියා විශ්‍රාමික  වෛද්‍යවරයකු වන අතර ඔහුගේ (සැකකරුගේ) සහෝදරයන් දෙදෙනකුගෙන් එක් අයකු මැදපෙරදිග රටක වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින අතර අනෙක් සහෝදරයා තවත් මැද  පෙරදිග රටක ගණකාධිකාරිවරයෙකු බවද පොලිසිය පවසයි. තම පුතා (සැකකරු) කිසියම් රෝගී තත්වයකට වසර 20 ක පමණ කාලයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බව කියමින් ඔහුගේ මව  වෛද්‍ය ප්‍රතිකාර සටහන් පොතක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

‘උඹලාගේ දළදා මාලිගාව කුඩු කරනවා' යැයි කියමින් පුද්ගලයකු  පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් පෙරේදා (05) සවස 6.30 ට පමණ ලබා දී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා  කීය. මෙවැනි ඇමතුමක් දුන් බව කියන පුද්ගලයා එම ඇමතුම දුන් දුරකථන අංකය ඔස්සේ කරන ලද පරික්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් එවැනි ඇමතුමක් ලබාදුන් පුද්ගලයා හඳුනාගෙන එදිනම රාත්‍රියේ ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් නමින් ඇති විදෙස් ගමන් බලපත්‍ර 03 ක් සහ ජංගම දුරකථන දෙකක් ද සැකකරු පදිංචිව සිටි නිවසේ තිබී පොලිස් බාරයට ගෙන ඇත.

-ශ්‍රීනාත් ප්‍රසන්න සූරිය-


No comments:

Powered by Blogger.