Header Ads

Breaking News
recent

“වසර දෙකක් තුළ ලක්ෂ 410 ක් උපයා ගත්තේ කොහොමද..?” - ඇමති රෝහිතට එරෙහි අල්ලස් නඩුවේ වැඩිදුර විභාගය 12 වන දා කැදවයි

මීට පෙර අමාත්‍යවරයෙකුව සිටිය දී, උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි ලෙස, රුපියල් මිලියන 41 කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවට චෝදනා කරමින්, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව, යහපාලන රජය සමයේ, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මගින් පනවා තිබූ නඩුව අද දිනයේ දී විභාගයට ගත් අතර, නඩුව, වැඩිදුර විභාගය සදහා ලබන 12 වන දා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි ලෙස, රුපියල් මිලිය 41 ක මුදල් ප්‍රමාණයයක් අමාත්‍යවරයා උපයාගෙන ඇත්තේ 2004-2006 අතර කාලයේ දී බව පැවසේ.


No comments:

Powered by Blogger.