Header Ads

Breaking News
recent

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට දෙමල-මුස්ලිම් පක්‍ෂ විරෝධය

ශ්‍රි ලංකා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරමින් නිදහස් උත්සවය සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ තම අප්‍රසාදය පළ කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ 2015 හි පැවති ආණ්ඩුව බලයට පත්වීමත් සමග නිදහස් උත්සවය සහ රාජ්‍ය උත්සවවලදී ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීමට කටයුතු කළ බවයි.

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමි වුවද දෙමළ ජනතාවට මෙතෙක් නිදහසක් ලැබී නැති බවද ඔවුන් පෙන්වා දෙයි.

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට වත්මන් රජය කටයුතු කිරීමෙන් දෙමළ හා මුස්ලිම් ජන කොට්ඨාස යටපත් කරමින් එක් ජාතියක් පමණක් ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

වත්මන් රජය විසින් සිංහල ජාතියට සහ බුද්ධාගමට වැඩි ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් එය එසේ නොකොට සියළු ජාතීන්ට සමාන සැලකිල්ලක් ගෞරවයක් ලබා දිය යුතු බවත් එම පක්ෂ කියා සිටිති.


No comments:

Powered by Blogger.