Header Ads

Breaking News
recent

මුස්ලිම් විවාහ නීතිය අහෝසි කරන්න බැහැ – අලි සබ්‍රි

මුස්ලිම් විවාහ නීතිය අහෝසි කළ නොහැකි බවත් අහෝසි කරන්නේනම් සියලුම පුද්ගලික නීති අහෝසි කළ යුතු බවත් එසේ නොමැතිව මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් එක රටක් එක නීතියක් ඇති කළ නොහැකි බවත් අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි සඳහන් කරයි.

උඩ රට විවාහ හා දික්කසාද නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය, යාපනය විවාහ අයිතිවාසිකම් හා විවාහ අනුප්‍රාපිති නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත, මුස්ලිම් අනුප්‍රාප්තික නීතිය, බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය, හින්දු සංස්කෘතික පනත, මුස්ලිම් බකුස් පනත සහ චර්ච් ඔෆ් සිලෝන් පනත ආදී ලෙස ක්‍රියාත්මක සියලුම පුද්ගල නීති අහෝසි කර එක් නීතියක් යටතට පත් නොකර මුස්ලිම් විවාහ නීතිය පමණක් අහෝසි කළ නොහැකි බව අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

No comments:

Powered by Blogger.