Header Ads

Breaking News
recent

ජලගැලුම් නිම්න රක්‍ෂිතය වෙනුවෙන් ඇමති විමලවීර හා පැටළුනු වනජීවී නිලධාරියා මාරු කර දමයි

ල ගැලුම් නිම්න වනෝද්‍යානය ආරක්ෂා කර ගැනීම සඳහා පෙනී සිටි වනජීවී නිලධාරියෙකුට ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වනජීවී නියාමක නිලධාරීන් සංගමය සඳහන් කරයි. එම ස්ථාන මාරු කිරීම අවලංගු කර අදාල නිලධාරියාගේ කැමැත්ත මත සුදුසු ස්ථානයක් ලබා දෙන්නැයි සංගමය සභාපති එස් රණවක ආරච්චි මහතා කියා සිටියි.

පසුගියදා එම වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදි කිරීම වැලැක්වීමට වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ට මෙසේ ස්ථාන මාරු ලබා දීම වැරදි ආදර්ශයක් බව ද ඔහු පැවසීය.

මෙවැනි කටයුතු හේතුවෙන් නීතියට අනුව රාජකාරි කරන නිලධාරීන්ට දෙවරක් සිතීමට සිදුවෙන බවත් එනිසා තම සංගමය මෙම මාරුකිරීමේ ක්‍රියාවට දැඩි විරෝධය පළ කරන බවත් ඔහු කියා සිටියේය.


No comments:

Powered by Blogger.