Header Ads

Breaking News
recent

නැගෙනහිර පර්යන්ත ප‍්‍රශ්ණයේදී ඇමති විමල් හැසිරුනු ආකාරය වැරදියි.. එලියේ මාධ්‍ය හමුවල වීරයන් වෙන්න යනවා - පොහොට්ටු ලේකම්ගෙන් විමල්ට ප‍්‍රහාරයක්

කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. වීරවංශ මහතාට කැබිනට් සාමුහිකත්වය මත පිහිටා කටයුතු කළ යුතුව තිබූ බව ද ඔහු කියා සිටියේය.

ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් තමන් සමාජය ඉදිරියේ වීරයන් වීමට පුද්ගලයන් උත්සාහ කිරීම ආණ්ඩුවේ යහපැවැත්මට එතරම් සුබවාදී නැතැයි ද ඔහු පැවසීය.

බත්තරමුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් වත්මන් රජය හා ජනාධිපතිවරයා කිසිම කෙනෙකුගේ බලපෑමට යටත් නොවන බවද පැවසූ ඔහු රට සංවර්ධනය කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමට යටත් වී නොවන බවද කියා සිටියේය.


No comments:

Powered by Blogger.