Header Ads

Breaking News
recent

දල ඇතෙකුගේ හිසට වෙඩිතබා දළ කපාගෙන ගිහින් !

මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ කලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකුට වෙඩි තබා ඝාතනය කොට දළ කපාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පැවසීය. අඩි 08 ක පමණ උසින් යුතු වයස අවුරුදු 20 පමණ වූ අදාල දළ ඇතාට කලාමුරිප්පු රක්ෂිතයේදී මෙරට නිශ්පාදිත ගිනිඅවියකින් හිසට වෙඩිතබා ඝාතනය කොට ඇතාගේ දළ දෙක කපාගෙන ගොස් තිබුණි.

අනතුරුව මුල්ලියාවලෙයි පොලීසිය සහ මුලතිව් වනජීවි නිලදාරීන් විසින් දළ ඇතා ඝාතනය කරන ලද පුද්ගලයින් සොයා සිදු කල පරික්ෂණයකදී දළ දෙක විකිණීමට සැලසුම් කර තිබියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් සතුව තිබී තවද කියතක්, මෙරට නිශ්පාදිත ගිනිඅවියක්, පොරවක් තිබී සොයාගනු ලැබීය.

පසුව සැකකරුවන් සතුව තිබූ අඩි 4 ක පමණ දිගින් යුතු දළ දෙක සහ මිය ගිය ඇතාගේ සිරුරේ තිබූ ඉතිරි දළ කොටස් ගැලපීමේදී සොයාගත් දළ දෙක මිය ගිය දළ ඇතාගේ දළ දෙක බවට අනාවරනය වීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 32 ක් වයසැති වන අතර ඔවුන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට මුල්ලියාවලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.