Header Ads

Breaking News
recent

පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් තමාට ලැබී ඇතැයි කතානායක දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ පිටපතක් තමන්ට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සම්බන්ධයෙන් අද (23) සභාවේ වැඩකටයුතු ආරම්භයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇති විය.

මෙම සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුව කතානායකවරයා පාර්ලිමේන්තුවේට පැවසුවේ, පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන් වෙත යොමු කර ඇති බවත් එය භාර ගෙන ඇති බවත්ය. 


No comments:

Powered by Blogger.