Header Ads

Breaking News
recent

රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නෑ - යුද හමුදාපති

බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොවිඩ්‍ වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් කිහිප දෙනෙක් මෙරටින් හඳුනා ගැනීම හේතුවෙන් නැවතත් රට සම්පූර්ණයෙන් වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එවැනි තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

නව ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ, ආරක්ෂක නිරන්තර අවධානයෙන් සිටින බවත්, මහජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු සියලු පියවර ගන්නා බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.



No comments:

Powered by Blogger.