Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට සති දෙකක ඇතුලත දඩුවම්…

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට ඉදිරි සති දෙක තුන ඇතුලත දඩුවම් පමුණවිමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (05) දින නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති අවස්තාවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ.

අපි ඔබ එකතු වෙලා අතිගරු ජනාධිපතිතුමාව පත් කරා, ඊට පස්සේ එතුමාගේ ඉල්ලිම පරිදි එතුමාට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා දුන්නා.

රටේ ජනතාව ඉල්ලුමට වඩා සැපයුමක් ආණ්ඩුවට ලබා දුන්නා, ආසන 150 කියන්නේ පොඩි දෙයක් නෙවෙයි.

විශාල තරුණ තරුණියන් පිරිසක් අපේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කලා.

පසුගිය අවුරුදු පහ තුල තරුණ තරුණියන්ට කිසිදු රැකියාවක් ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුණා.

ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් සමග රටේ ජනතාව විශාල බලාපොරෙත්තු තියා ගත්තා.

නමුත් එතුමා පත් වෙලා මාස තුනයි රට පාලනය කරන්න පුළුවන් වුණේ කොවිඩ් වසංගතය ආවා.

ඒ නිසා ආණ්ඩුවට සිදු වුණා සියල්ලටම වඩා රටේ ජනතාවට ප්‍රමුඛස්ථානය දෙන්න.

මහ මැතිවරණය පැවැත්වෙන කාලයේ ජනාධිපතිතුමා කොවිඩ් තුරන් කරන්න සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රටේ ජනතාව තුල ප්‍රසාදයක් තිබුණා.

ලෝකයේ අනෙක් රටවල් උදාහරණයට අපිව ගත්තා.

අනෙකුත් රටවල් වල රෝගින් 100 ගත්තොත්  2.5 මිය යනවා, අපේ රටේ 0.5 මිය යන සංඛ්‍යාව.

ඒ නිසා කොවිඩ් පාලනය කරන රටවල් අතරින් අපි 10 වෙනියට ඉන්නවා.

අප්‍රේල් වෙනකොට කොවිඩ් එන්නත් ගෙනල්ලා හැමොටම ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරනවා.

ඊට පස්සේ අපි ආපසු සංචාරක කර්මාන්තය සිදු කරගෙන යන්න පුළුවන්.

මේ නිසා අපිට වෙනදා වැඩ කරපු විදිහට වැඩ කරන්න බැරිවුණා. අපිට බලයට ගෙන්න වැඩ කරපු තරුණයන් අතර පොඩි කනස්සල්ලක් තියෙනවා අපි ආණ්ඩුව හැදුවා තවම රැකියා නැ කියලා.

අපි නාවලපිටිය ආසනය තුල මේ වන විට රැකියා අවස්තා දහසකට ආසන්න ප්‍රමාණයක් දැනට දිලා තියෙනවා.

මෙවැනි වසංගතයක් රට තුල තිබියදි සංවර්ධනය සහ රැකියා ලබාදුන්න එකම රට අපේ රට විතරයි.

රාජ්‍යය ආදායම් ඇහිරිලා , සංචාරකයෝ එන්නේ නැ. පිටරටින් සල්ලි එන්නේ නැ , ශ්‍රමිකයන් වැඩ නැ. රාජ්‍යය අයෝජන නැ , විදේශිය අධාර නැ.

එහෙම තිබියදිත් තමයි අපි රැකියා ටික ලබාදෙමින් යන්නේ.

නාවලපිටිය ආසනයේ සියළු දෙනාටම පානිය ජලය ලබා දෙනවා , සැම මාර්ගයක්ම කාපට් කරනවා. ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙනවා.

ආණ්ඩුව පත් වෙලා තවම මාස පහයි , මේ අවස්තාවේ අපි කල යුත්තේ මහජනතාව ආරක්ෂා කර ගැනිමයි.

ඔබ අප කෙරෙහි තිබු විශ්වාසය අපි ඒ අයුරින්ම ඉෂ්ඨ කරනවා . අපිට හොද ජනාධිපතිවරයෙක් හමුවෙලා තියෙනවා.

2019 හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යයාලයට වියදම් කලා බිලියන 3.2 ක් ,  වත්මන් ජනාධිපතිතුමා වියදම් කලේ බිලියන 1.2 යි.

ගිවිසුම් සියල්ල නතර කලා, මෛත්‍රිපාල සිරිසෙන් සහ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ ගිහින් ගිවිසුම් 12 ක් අත්සන් කලා මේ රටේ දේපල විකුණන්න.

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දෙන්න, ගල් අගුරු බලාගාරයක් හදන්න මේ සියල්ලම ඉන්දියාවට දෙන්න ගියේ.

වත්මන් ජනාධිපතිවරයා ඉන්දියාව සමග සුහදව කතා කරලා මේ ටික විසදගත්තා.

හම්බන්තොට වරාය විකුණුවා , ඒකට අපි විරුද්ධ වුණාම අපිට කදුළු ගැස් ගහලා එලෙව්වා.

ඒ ඉතිහාසය මේ රටේ ජනතාවට දැන් අමතක වෙලා.

වැරදි කරපු මිනිස්සුන්ට දඩුවම් නොකරපු නිසා අපි අසමත් කියනවා,තව සති දෙක තුනක් බලන්න බැදුම්කර සිද්ධියේ චුදිතයන්ට අපි දඩුවම් ලබාදෙන කාර්ය සිද්ධ වෙනවා.

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට දඩුවම් හිමි වෙනවා, තව සතියක් දෙකක් ඇතුලත.

අපි එක්සත් ජාතික පක්ෂය වගේ දවසින් දෙකෙන් නඩු දාලා දඩුවම් කරන්නේ නැ. ඒ නිතිය හරියට ක්‍රියාත්මක වෙනකම් බලන් හිටියා.

පසුගිය අවුරුදු පහක කාලය තුල මේ රට විනාශ කරපු සජිත් ප්‍රේමදාසලා , කිරිඇල්ල , හරින් ප්‍රනන්දු හරියට කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ.

පසුගිය අවුරුදු පහේ සිදු වුණ සියල්ලටම මේ අය වගකියන්න ඕනි.

අපි ජනාධිපතිවරයත් සමග එකට හිට ගන්නවා, එතුමාගේ කටයුතු වලට විරුද්ධ වෙනවානම් කවුරු හරි එයට විරුද්ධව අපි හිට ගන්නවා.

අපි ගැන තිබු විශ්වාසය ඒ අයුරින්ම තියා ගන්න වසංගතය නිම වෙනවාත් සමග  අපි මේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනියනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Powered by Blogger.