Header Ads

Breaking News
recent

ආණ්ඩු බලය ලබාගන්න ලේසියි.. නමුත් පවත්වාගෙන යන්න අමාරුයි..

ආණ්ඩු බලය ලබාගැනීමට පහසු බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අපහසු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් එය නිවැරදි කර ගැනීමේ වගකීම ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කළ සෑම අයෙකුටම ඇතැයිද ඔහු පැවසීය.

යහපාලන ආණ්ඩුව පෙරළා දමා වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පත් කරගැනීමට විවිධ පිරිස් එක්ව කටයුතු කළ බවත් පැවසූ ඇමැතිවරයා අද ඇතැම් පිරිස් විපක්ෂයේ බොරුවලට හසුවී ආණ්ඩුව විවේචනය කරමින් ඇතැයිද කීය.

කෙසේ වෙතත් ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ජනතාවගේ විවේචනය කිරීමේ අයිතිය පිළිගන්නා නමුත් එම යෝජනා හා විවේචන සාධාරණ ඒවා විය යුතු බව ද ද්වේෂ සහගත නොවිය යුතු බවද ඔහු පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.