Header Ads

Breaking News
recent

අගමැතිගේ ගැසට් නිවේදනය අවලංගු කර ඇත්තේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට..?

ටයිල් සහ නාන කාමර ආනයන තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ උවමනාව මත බවට චෝදනා එල්ල වෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කගේ අග්‍රාමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය අත්හිටුවන ලද්දේ එකී ව්‍යාපාරිකයාට විශාල වශයෙන් ද ලාභ ලබා ගැනීම සඳහා බවයි.

ඔහුට තම ටයිල් හා නාන කාමර කට්ටල ව්‍යාපාරය ඉහළ මිලකට අලෙවි කිරීම සඳහා මෙම ගැසට් පතය අත්හිටුවා ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.


No comments:

Powered by Blogger.