Header Ads

Breaking News
recent

“මේක අපේ ආණ්ඩුව” කී පොලිස් අධිකාරීට වැටුප් වර්ධක තුනක් සමඟ උසස්වීමක් දීමට නිර්දේශ.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය තුළ නිර්මාණය කර තිබූ කටවුට් කඩා දැමීමෙන් අනතුරුව “මේක අපේ ආණ්ඩුව” බවට මාධ්‍ය අමතා මතභේදාත්මක ප්‍රකාශයක් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ සම්බන්ධයෙන් තවත් මතභේදාත්මක තොරතුරු රැසක් හෙළිදරව් වෙමින් තිබේ.

ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව පරිසරවේදීන් පිරිසක් විසින් නිර්මාණය කළ මෙම කටවුට් එක ගැලවිමට පෞද්ගලිකවම මැදිහත් වූ රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයේ අධ්‍යක්ෂකවරයාද වන අතර ඔහුට වැටුප් වර්ධක තුනක් ලබාදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලෙස නිර්දේශයක් පොලිස්පතිවරයා වෙත ලැබී තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලැබුණු PMO/CPVR/2020/02/BH/144 අංක දරන ලිපි ගොනුව තුල මෙම කරුණු අඩංගුව තිබේ.

ඒත් පොලිස්පතිවරයා මෙම නිර්දේශයට සිය එකගතාවය පළ කොට නැති අතර ඊට හේතුද පෙන්වාදී තිබේ.

රොෂාන් රාජපක්ෂ මහතාට වැටුප් වර්ධක සහ උසස් වීම් ලබා දුනහොත් පොලිස් උසස්වීම් පටිපාටිය තුළ අවුල් සහගත තත්වයක් ඇති වන බැවින් ඔහුට මෙලෙස වැටපු වර්ධක සහ උසස් වීම් ලබා දීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පොලිස්පතිවරයාගේ අදහස වි තිබෙන බව දැනගන්නට තිබේ.

1989-10-8 වැනි දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති රොෂාන් රාජපක්ෂ මහතා 2014-1-14 දින සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස්වීම් ලබා ඇති අතර ඉන්පසුව පොලිස් අධිකාරීවරයෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු දක්වා උසස්වීම් ලබා මේ වන විට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලෙස නිර්දේශයක්ද ඉදිරිපත් වී තිබේ.

සාමාන්‍ය පොලිස් උසස්විම් ක්‍රියාපටිපාටියට අනුව සහකාර පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් වීමට අවම වශයෙන් වසර 13 ක කාලයක් ගතවනු ඇති වුවත් රොෂාන් රාජපක්ෂ මහතා වසර හතක් වැනි කෙටි කාලයක් තුළ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් වීමට නිර්දේශ වීම පොලිසියේ බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන්ම කුතුහලයට තුඩු දී තිබේ.

-polkade

No comments:

Powered by Blogger.