Header Ads

Breaking News
recent

පහර කෑ තුවාල තුලින් විෂබීජ ශරීර ගතවී දැරියක මරුට

කලවංචිකුඩි පොලිස් වසමේ , පෙරයකල්ලාරු ප්‍රදේශයේ පසුගිය ජනවාරි මස 10 වන දා පහර කෑමකට ලක්වූ දැරියක මරණයට පත්ව ඇති බව අනාවරණය විය.
12 හැවිරිදි එම දැරිය මරණයට පත්වීමට හේතුව මේ මේවන විට අනාවරණය කර ගෙන තිබේ.

අදාළ දැරියට දීර්ඝ කාලයක සිට කළ පහරදීමක් හේතුවෙන් ඇති වූ තුවාල වලින් විෂබීජ ශරීර ගතවී ඇති බවත් ඒ අනුව මරණය සිදුව තිබෙන බවත් ඊයේ (23) දින කරන ලද පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය කරගෙන තිබේ. එම මරණ පරීක්ෂණය මඩකලපුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකර ඇත.

එසේම අදාළ දැරියට පහරදීම සම්බන්ධයෙන් ජනවාරි මස 30 දින කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඉදිරියේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

No comments:

Powered by Blogger.