Header Ads

Breaking News
recent

දේවානිලාගෙන් අලුත් වැඩක් - පරිසරය වෙනුවෙන් රාජ්‍ය සේවා වෘත්තීය සමිතියක් !

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් 'පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව' නමින් නව වෘත්තීය සමිතියක් පිහිටුවා තිබෙනවා. වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ, මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනේ සේවකයන් පිරිසක් විසින් මෙම වෘත්තීය සමිතිය පිහිටුවාගෙන තිබේ.

ඊයේ (27) අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදී ඊට අදාල ලේඛනයට රාජ්‍ය සේවකයන් අත්සන් තැබීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් ගම්පහ දිසා වන නිළධාරිනී දේවානි ජයතිලක මහත්මිය ප්‍රකාශ කළේ සංරක්ෂණය කළයුතු සහ වංසර්ධන කටයුතු සඳහා යොදාගත හැකි ඉඩම් හඳුනා ගැනීම සඳහා පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවයි. එවැනි ප්‍රතිපත්තියක් නොමැති වීම සංවර්ධන කටයුතුවලට මෙන්ම පරිසරය සංරක්ෂණය කිරීමටද බරපතල බාධාවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.

පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා සිදුවන්නේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකි ඉඩම් සියල්ලම භාවිතා කර ඉතිරි වන ඉඩම් පමණක් සංරක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන බවයි.

No comments:

Powered by Blogger.