Header Ads

Breaking News
recent

පරිසර විනාශය සම්බන්ධ සමාජ මාධ්‍ය පෝස්ට් නිරීක්ෂණයට ඒකකයක්

පරිසර විනාශයන් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කරන තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය සෙවීමට පරිසර අමාත්‍යාංශය විසින් නව ඒකකයක් පිහිටුවීමට නියමිත බව වාර්තා වේ. මෙම කාර්යය ඉටු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ‘පරිසර නිලධාරීන්’ 323 ක් බඳවා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරාවීර මහතා "ද සන්ඩේ ටයිම්ස්" පුවත්පතට පවසා තිබේ.

අසත්‍ය තොරතුරු පළ කරන අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්, හානියට වගකිව යුතු අයට එරෙහිව පියවර ගැනීම සඳහා නිවැරදි තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන බවත් ඔහු කියා සිටී.

වනාන්තර එළි පෙහෙළි කිරීම, නීති විරෝධී පතල් කැණීම්, නීති විරෝධී ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 323 සඳහා එක් නිලධාරියෙකු බැගින් බඳවා ගන්නා බවත්, එම නිලධාරියා තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා අදාළ ප්‍රදේශවල පරිසර ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධීකරණය කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

විදෙස් රටවල පරිසර විනාශය පිළිබඳ ඇතැම් සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවීම් ලෙස නිරූපණය කර ඇති බවද ඔහු කියා සිටී.

කෙසේවුවද, පරිසරවේදීන් සඳහන් කරන්නේ පරිසර විනාශය හා සම්බන්ධ සිදුවීම් විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය විසින් පළ කර ඇති අතර ඒවායින් බොහොමයක් නිවැරදි ඒවා බවයි.

No comments:

Powered by Blogger.