Header Ads

Breaking News
recent

ලංකාව වගේ ණය උගුලක අපි වැටෙන්නෙ නෑ.. ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා - බංග්ලා දේශය

චීනය සමග කටයුතු කරද්දී ඉතා කල්පනාවෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය සඳහන් කරයි.

එරට අගමැතියගේ විදේශ කටයුතු උපදේශකවරයා උපුටමින් බංගලදේශ පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.

සංවර්ධණය වෙමින් පවතින රටවල් ගණනාවක් මේ වන විටත් චීන බලපෑමට යටත්වීමට සිදුව ඇති බවත් චීන බලපෑමට යටත් වීමට ඔවුනට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව චීනය සමග ගනුදෙනු කරද්දි අමාරුවේ වැටුණු ආකාරය හොඳින් අවබෝධ කර ගනිමින් එයින් පාඩම් ඉගෙන ගනිමින් බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් චීනය සමඟ ගනුදෙනු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.


No comments:

Powered by Blogger.