Header Ads

Breaking News
recent

භාග්‍යා පස්සේ සෞභාග්‍ය එලවද්දී ලන්සා දේවානි පස්සේ පන්නනවා (VIDEO)

2020 ජනවාරි පළමු වැනිදා සිට අද දිනට වන විට රක්ෂිත භූමි අක්කර 62,000ක් විනාශ කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ අද (22) රට තුළ සිදුවෙමින් තිබෙන දැවැන්ත වන විනාශයට එරෙහිව ''ඩෝසරයට එරෙහිව අපි කොළඹට” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංවිධානය කර තිබුණු විරෝධතාව අමතමිනි. 

එම අක්කර 62,000ක් අක්කර 16,500ක් විනාශ කර තිබෙන්නේ පසුගිය වසර තුළ වන අතර මේ වසරේ ගෙවුණු මස තුන තුළ අකක්ර 43500ක් විනාශ කර තිබෙන බවයි විද්‍යාරත්න මහතා කියාසිටියේ. 

මේ වන විට බස්නාහිර ජනතාවගේ පෙනහළුව බඳු මුතුරාජවෙලටද ඇත තබා තිබෙන නමුත් එවැනි කිසිදු පරිසර හානියක් සිදුව නොමැති බවට රටේ පාලකයන් කියමින් සිටින බවයි සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ.

ඇස්වලට පෙනෙන්නට තිබෙන මේ පරිසර විනාශය ''නැහැ''යනුවෙන් පවසන්නේ කෙසේද යන්නයි ඔහු මෙහිදී විමසා සිටියේ. 

මේ අතර සිංහරාජයේ වන විනාශය ගැන භාග්‍යා තරුණිය මාධ්‍යයට පැමිණ කළ ප්‍රකාශයෙන් පසු දැන් භාග්‍යා පසුපස සෞභාග්‍ය එළවමින් සිටින අතර අනෙක් පසින් නිමල් ලන්සා ඇමතිවරයා දේවානි ජයතිලක පසුපස එළවමින් සිටින බවද විද්‍යාරත්න මහතා කියාසිටියේය. 

No comments:

Powered by Blogger.