Header Ads

Breaking News
recent

ආණ්ඩුව බොරු කොරෝනා 03 වන රැල්ලක් මවන්නේ සජිත් මීලග ජනාධිපති යයි සමාජගත වීම වලකන්නයි

සජිත් ප්‍රේමදාස මහතා මෙරට මීළඟ ජනාධිපතිවරයා බවට වන මතය සමාජගතවීම හැකිනම් නතර කරන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ආණ්ඩුවට කියයි. මෙවර මැයි දිනය තහනම් කිරීමෙන් රජයේ අරමුණ වී ඇත්තේ කොරෝනා පාලනය කිරීම නොව ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවට මතයක් සමාජගත වීම වැළැක්වීම බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොරෝනා 03 වන රැුල්ල වැළැක්වීමටයි ආණ්ඩුව බොරු බියක් සමාජගත කරමින් මැයි දින සැමරුම් නවතා දමා තිබියදී එම සැමරුම් පවත්වන්නැයි බල කිරීමට තමන්ටද හැකියාවක් නැති බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කලේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.