Header Ads

Breaking News
recent

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක් !

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා. මෙම තහනම පනවා තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගිනි. ඒ අනුව ඔහුට මෙම තහනම ක්‍රියාත්මක කාලසීමාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි වීම තහනම් වේ.

නුවන් සොයිසාට 2018 වසරේ නොවැම්බර් 31 වැනිදා සිට තාවකාලික තහනමක් පනවා තිබූ අතර වසර 06 ක ක්‍රිකට් තහනම අදාල දිනයේ පටන් ක්‍රියාත්මක වෙන බවයි ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.

ඩුබායි T10 තරගාවලියේදී නුවන් සොයිසා ICC ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වූ අතර ඔහු ඊට වැරදිකරු බවට පත්ව තිබෙනවා.

මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් මීට ඉහතදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේටද තරග තහනමක් පැනවීමට ICCය කටයුතු කළේය.

ටෙස්ට් තරග 30 කට සහ එක්දින තරග 95 කට ශ්‍රී ලංකා කණ්ඩාය‍ම නියෝජනය කරමින් සහභාගි වූ නුවන් සොයිසා එහිදී කඩුලු 172 ක් බිඳහෙළා තිබෙනවා.

No comments:

Powered by Blogger.