Header Ads

Breaking News
recent

කොරෝනා වසංගතය ආණ්ඩුවට තනිව පාලනය කරන්න බෑ - ගාමිණී ලොකුගේ

ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

වෛරසය පාලනයට රජයට සම්බන්ධ ආයතන සහ මහජනතාව ද සහයෝගය දිය යුතු බවද ඔහු කියා සිටී.

පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන ක්ෂේත්‍රයේ සෞඛ්‍යාරක්ෂිතව ගමනාගමනයක් සිදු කරන්නැයි එම ක්ෂේත්‍රයේ බලධාරීන් සියලු දෙනාටම දැඩි ලෙස දැනුවත් කර ඇති බව ද ඔහු පැවසීය.

වෛරසය නැවත වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

No comments:

Powered by Blogger.