Header Ads

Breaking News
recent

හරින් වෙනුවෙන් ශ්‍රීලනිපය පෙරට - ප්‍රශ්න කලාට කමක් නැහැ : අත්අඩංගුවට ගන්න බැහැ - (video)

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් යම් හෙයකින් ඔහු අත්අඩංගුවට ගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය දක්වන බව එම පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඉතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළ බව පෙන්වා දෙන මහ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර තොරතුරු විමසීමේ වැරැද්දක් නොමැති බවද සඳහන් කරයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මන්ත්‍රී වරප්‍රසාද වලට යටත්ව කළ නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට නොහැකි මුත් ඔහු එහිදී හෙළිදරව් කළ කරුණු පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට ඉතාම වැදගත් වන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

තමන්ගෙන්ද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පදනම් කොටගෙන පොලිසිය ප්‍රශ්න කළ බවත් තමන් ඊට පිළිතුරු සැපයීමේදී රෝහල්ගත නොවූ බවත් ඊට නොබියව මුහුණ දුන් බවත් මහ ලේකම්වරයා අවධාරණය කරයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙන බවට යන මතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය විමසීමට ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා මේ කරුණු එළිදරව් කරන ලදී.

ඉකුත් සතියේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කොට තිබේ.

ඒ ඔහුව ඇප ලබා නොදෙන ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට බවට සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් චෝදනා කරයි.

මේ වන විට හරිම ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටින අතර අද (27) ඔහුට සුළු සැත්කමක් කළ බවද වාර්තා වේ.

No comments:

Powered by Blogger.