Header Ads

Breaking News
recent

අලුත් කොල්ලා පළමු ටෙස්ට් මැච් එකෙන්ම කඩුලු 11ක් අරන් බංග්ලාදේශය පරද්දයි

සිය මංගල තරගයේදීම කඩුලු 11ක් දවාලමින් අවුරුදු 22ක් වයසැති ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 209ක ජයක් ලංකාවට ලබා දීමට සමත් විය.

මෙහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ ලංකාව කඩුලු 7ට ලකුණු 493ක් රැස්කළ අතර බංග්ලාදේශයට පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 251ක් පමණි.

දෙවන ඉනිමට ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් දැවී ලකුණූ 194ක් රැස් කළේය.

නමුත් බංග්ලාදේශයට දෙවන ඉනිමට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 227ක් පමණි.

මෙහිදී ප්‍රවීන් පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර තරගය් වීරයා සම්මානයද හිමි කර ගැනීමට සමත් විය.

No comments:

Powered by Blogger.