Header Ads

Breaking News
recent

පාලනය නැති වූ රොකට්ටුව 30000Km/H වේගයෙන් පෘථිවිය දෙසට.. ගමන් මාර්ගය ශ‍්‍රී ලංකාව උඩින්..

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට්ටුවක කැබැල්ලක් හෙට අලුයම් කාලයට පෙරාතුව පෘථිවයට කඩා වැටුණු ඇතැයි නාසා විද්‍යාඥයන් සඳහන් කර තිබේ.
කෙසේ නමුත් එම කොටස පොළොවට පතිත වන්නේ කිනම් ස්ථානයක දැයි මෙතෙක් නිශ්චිතව සඳහන් කර නැත.

විද්‍යාඥයන් පවසන අන්දමට පැයට කිලෝමිටර 30000ක පමණ වේගයෙන් පෘථිවි කක්‍ෂයට ඇතුළු වන එම කොටස මුහුදට වැටුනහොත් කිසිවකුට හානියක් සිදු නොවනු ඇති අතර ගොඩබිමේ ජනාකීර්ණ ප්‍රදේශයකට වැටුනහොත් විනාශයක් සිදු වීමට ඉඩ තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යාවකාශයේ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ ගුවන් යානයක් තරම් විශාල වන මෙම කොටස ගොඩබිමට වැටුන හොත් ඉන් සැලකිය යුතු හානියක් සිදු වනු ඇති බවයි.

මෙම කොටසේ ගමන් මාර්ගය වරින් වර ශ්‍රී ලංකාව අසලින් පැවතුණ ද බොහෝ දුරට එය පැසිෆික් සාගරයට පතිත වනු ඇති බව ද ඔහු කියා සිටියේය.

No comments:

Powered by Blogger.