Header Ads

Breaking News
recent

බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරටින් හමුවුණේ අප්‍රේල් 8 නෙවෙයි, ඊට කලිනුත් තොරතුරු තිබුණා - රසායනාගාර අධ්‍යක්ෂ

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය මුල්වරට මෙරටින් හඳුනාගත්තේ අප්‍රේල් 8 වෙනිදාය යනුවෙන් පැවසෙන කරුණට එකඟ විය නොහැකි බවත් ඊට පෙරත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.

"ඔය බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලංකාවට එනවද කියන එක සම්බන්ධයෙන් අපි ඉතාමත්ම අවධානයෙන් හිටියා. අපට දැනගන්න පුළුවන් වුණා මේ ප්‍රභේදය යම් ස්ථානවල යම් රෝගීන්ගෙන් හඳුනාගන්න පුළුවන් වුණයි කියන එක. ඒක මේ අප්‍රේල් 08 වෙනිදා හොයාගත්තායි කියන එකට එකඟ වෙන්න අමාරුයි. අපට ඊට කලින් ඒ ගැන දැනුවත් බවක් තිබුණා. නමුත් එය පැතිරීමක් පිළිබඳ සාක්ෂි අපට ලැබිලා තිබුණෙ නෑ. ඉතිං මේ පසුගිය කාල වකවානුව තුළ රෝග ව්‍යාප්තිය දිහා බැලුවාම අපට පෙනී යනවා මේ ප්‍රභේදවල යම්කිසි වෙනස් ප්‍රභේදයක් රෝගීන් අතරෙ දකින්නට ලැබෙනවයි කියන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. 

No comments:

Powered by Blogger.