Header Ads

Breaking News
recent

මහ ජාතික ව්‍යවසනයක් ඉදිරියේ.. විශාල පිරිසක් මිය යාවි..- ජනපතිට තීරණාත්මක ලිපියක්…

රට පුරා සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

රෝගය පැතිර යාම ක්ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම්ද ඉදිරියේ දී බරපතළ වනු ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව යන සංගම් විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.

No comments:

Powered by Blogger.