Header Ads

Breaking News
recent

නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිතයින්ට විශේෂ දුරකථන අංකයක්

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් මේ දක්වා නිවෙස් වලට වී සිටින කොරෝනා ආසාදිත පුද්ගලයින් 1906 යන විශේෂ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී මේ දක්වා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නොමැති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් 1906 විශේෂ දුරකථන අංකයට දැනුම් දීමෙන් ඔවුන්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය වෙමින් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

No comments:

Powered by Blogger.