Header Ads

Breaking News
recent

රට පුරා සෑම රෝහලකම කොරෝනා වාට්ටුවක් සූදානම් කරන්නැයි දැනුම් දෙයි

රටපුරා පිහිටි සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම වාට්ටුවක් පිහිටවන ලෙස දැනුම්දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරුන්ට මෙම උපදෙස් ලිඛිතව නිකුත් කර ඇත.

එමෙන්ම සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහසක් කොරෝනා ආසාදිතයන් සඳහා සූදානම් කරන්නැයිද දන්වා තිබේ.

දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් සැපයීම සඳහා මෙම පියවර ගෙන ඇත.

No comments:

Powered by Blogger.