Header Ads

Breaking News
recent

උපුල් තරංගට කොවිඩ් - ලෙජන්ඩ් තරගය කල්දමයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ප්‍රවීනයන්ගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගයක් 04 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උපුල් තරංගද ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නම්කර තිබෙනවා.

ප්‍රවීනයන්ගේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පසුගිය දිනවල පුහුණු සැසි කිහිපයකටද සහභාගි වී තිබේ.

මෙම තත්වය මත අදාල තරගය තාවකාලිකව අත්හිටුවීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.

No comments:

Powered by Blogger.