Header Ads

Breaking News
recent

රටම දැඩි අනතුරක - සියල්ල මිලට ගෙන අවසන් - වෙලදපලේ ඔක්සිජන් නෑ - හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ හෙලි කරයි [VIDEO] | oxygen


ඉන්දියානු කොරෝනා ප‍්‍රභේදය දරුණුම මාරාන්තික සහ ඉහළ අවදානම් සහිත ප්‍රභේදය බව හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි.

මෙම ප්‍රභේදය රට පුරාම ව්‍යාප්ත වී ඇතැයිද පවසන ඔහු ඉන් රටම දැඩි අනතුරක බවද කියා සිටියේය.

අද වන විට හෝමාගම රෝහලේ ඇඳන් කිසිවක් නැති බවත් දැඩි සත්කාර ඒකක පිරී ගොස් ඇති බවත් ඔක්සිජන් ප්‍රශ්නද ඇති වුනු ඇති බවත් ඒ මහතා පවසයි.

අද වන විට මෙරට වෙළෙඳපොළ තුළ ඔක්සිජන් බහාලුම් ඇතුළු උපකරණ කිසිවක් නැති බවත් ඒවා සියල්ල මිලට ගෙන අවසන් වූ ඔහු සඳහන් කළේය.

මුලින් රට පූර්ණ වශයෙන් වසා දමා ගුවන්තොටුපල වසා දැමුවේ නම් මෙය පාලනය කරගත හැකිව තිබූ බවද ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:

Powered by Blogger.