Header Ads

Breaking News
recent

කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්.. ලක්‍ෂ 04ක් වටින්නේ නෑ.. ලංකාවේ නම කැත කරන වැඩක්…

මෑතකදී පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මැණික් ගලේ වටිනාකම සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් මෙම මැණික් ගලේ නොමැති බව රාජ්‍ය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී පාලිත ගුණසේකර මහතා සඳහන් කරයි.

එම විශාල මැණික් කලේ මැණික් ගල් සියල්ලම මියගොස් ඇති බවත් මැණික් ගල් විනිවිද නොපෙනෙන බවත් ඒවායේ කිසිදු වටිනාකමක් නැති බවත් පවසන ඔහු නමුත් කෞතුකාගාරයන් සඳහා රුපියල් ලක්ෂ දහයක වැනි මුදලකට විකුණා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරයේ හිමිකරු එල්.එල්.ඒ. නන්දන මහතා සඳහන් කරන්නේ මෙයාකාර වැඩකටයුතු නිසා ලංකාවේ නමත් අපකීර්තියට පත් වන බවයි.

තමන් සන්තකයේ මේ හා සමාන මීට වඩා වටිනා මැණික් ගලක් ඇති බවත් එය අදාල මැණික රුපියල් ලක්ෂ තුන හතරකට වඩා වටිනාකමක් නැති බවද කියා සිටියේය.

කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ මෙම මැණික් ගල රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා බවත් එය අයිතිකරුවන් ගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බවත්ය.

No comments:

Powered by Blogger.