Header Ads

Breaking News
recent

ඩොලර් කළුකඩේ 235 වී ඇත්තේ කිහිප දෙනෙකුගේ මගඩියක් නිසා - බැසිල් රාජපක්ෂ

අමතර මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටීමෙන් වළකින්නැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ට දැනුම්දී තිබේ.

ඔහු මේ බව දන්වා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

පසුගිය කාලයේ දී විශාල රැකියා ප්‍රමාණයක් ලබා දී ඇති නිසා අලුතින් පිරිස් කාර්ය මණ්ඩලවලට බදවා ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයි ද එනිසා සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කරන ලෙසද ඔහු දැනුම් දී තිබේ.

විදේශ සංචිතවල අඩුවීමක් ඇතත් එය කළමනාකරණය ගත හැකි බවද පවසා ඇති මුදල් අමාත්‍යවරයා මීට පෙර විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2ට අඩු වූ අවස්ථා ද තිබුණු බව සඳහන් කර තිබේ.

මහ බැංකුවේ හා පුද්ගලික බැංකුවල කිහිප දෙනෙකු එක්වී ඩොලර් මගඩියක් අරගෙන යන බවද පවසා ඇති අමාත්‍යවරයා ඩොලරයක කළු කඩේ මිල රුපියල් 235 දක්වා ඉහළ ගොස් ඇත.

සහල් මිල රුපියල් 20 කින් පමණ අඩු කිරීමට හැකියාව ඇතත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අධික ලාභයක් සහල්වලින් ලබමින් සිටින බවද ඔහු තවදුරටත් පෙන්වා තිබේ.


No comments:

Powered by Blogger.