Header Ads

Breaking News
recent

තීරණය මහේලගේ අතේ! ජාතික කණ්ඩායම භාර දීමට ක්‍රිකට් ආයතනය සුදානම් !

විදේශ පුහුණුකරුවන් ගෙන ඒමට තමන්ගේද වැඩි කැමැත්තක් නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසා සිටිනවා.

නමුත් විදෙස් පුහුණුකරුවන් ගෙන ඒමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුළ ඇතිවූ ගැටලු බවද අරවින්ද සිල්වා මහතා පවසා සිටිනවා. එමෙන්ම කණ්ඩායම තුළ ස්වාධීනත්වය පවත්වා ගැනීමට මෙම විදෙස් පුහුණුකරුවන් ගෙන ඒමට සිදුව ඇති බවද ඒ මහතා පවසා සිටියා.

එමෙන්ම මෙරට සිටින බොහෝ පුහුණුකරුවන්ට අන්තර්ජාතික අත්දැකීම් ප්‍රමාණය අඩු බවද අරවින්ද මහතා සඳහන් කළා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් සමඟ කටයුතු කර ඒ අත්දැකීම් ඇති නම් කණ්ඩායමක් සමඟ ගනුදෙනු කිරීම පහසු බවද ඔහු තවදුරටත් පවසා සිටියා.

චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස ගෙනා ආ අවස්ථාවේ ද කණ්ඩායම තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වූ බවද සඳහන් කළ අරවින්ද මහතා පවසා සිටියේ මෙරටින් පුහුණුකරුවෙකු දැම්මොත් තේරීම් කමිටුවට ප්‍රශ්න එන බවත්,  පුහුණුකරුවෙකුට ස්වාධීන තීරණයක් ගැනීමට නොහැකි බවත්, ලංකාවේ අයට සෑම අතකින්ම පීඩනය එල්ල වන බවයි.

ඉදිරියේ මෙරට සිටින පුහුණුකරුවන්ගේ දැනුම දියුණු කර එම පුහුණුකරුවන් ඉහළ තත්ත්වයකට රැගෙන ඒම බව සඳහන් කළ අරවින්ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහේල ජයවර්ධන පැමිණෙනවා නම් මහේලව ජාතික කණ්ඩායම සඳහා පත් කළ හැකි බවත් එහි කිසිදු ගැටලුවක් නැති බවයි.

මේ වන විට මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ “Chilling With Russel” වැඩසටහනට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.