Header Ads

Breaking News
recent

අලුත් සන්ධානයක්! පෙරටුගාමීන් ආණ්ඩුවේ පක්ෂ එක්ක සාකච්ඡා අරඹයි!

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව නව ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මීට පෙර සඳහන් කර තිබුණා. 

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (26) ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයේ දී පවත්වා තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා සාකච්ඡාවලින් පසු මාධ්‍යට සඳහන් කර සිටියා.

මෙම සාකච්ඡා සඳහා ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයෝ සහභාගි වී තිබුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපනය ලේකම් පුබුදු ජයගොඩ, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ සහභාගී තිබුණා.

පෙරටුගාමීන්ගේ අරමුණ

සාකච්ඡාවලින් පසු කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කළේ රටේ ආර්ථික අර්බුදය, දේශපාලන තත්ත්වය සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ බවය.

රටේ ප‍්‍රශ්නවලට විසඳුම් වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කර ඇති යෝජනා මාලාව සම්බන්ධයෙන් වාමාංශික පක්ෂවල ස්ථාවරය දැන ගැනීමද මෙහි අරමුණු අතර වූ බව ඔහු පෙන්වා දුන්නා.

ධන කුවේරයන්ගෙන් අඩුවෙන් බදු අයකර සාමාන්‍ය ජනතාවට වැඩි බදු බර පැටවීම සම්බන්ධයෙන් ද මෙහිදී ඵලදායී ලෙස සාකච්ඡා කළ බව ද ගුණරත්නම් මහතා ප්‍රකාශ කළා.

කොතලාවල පනත හරහා අධ්‍යාපනය විකිණීමට උත්සාහයක් ඇති බවත් ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් පෙන්වා දෙන ඒ මහතා ඉදිරියේදී එම පනතට සම සමාජ පක්ෂය නිලවශයෙන් විරෝධය දැක්වීමට නියමිත බවද කියා සිටියා.

ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමගද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ද සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂා කරන බව ද කුමාර ගුණරත්නම් මහතා වැඩිදුරටත් පැවසුවා.


No comments:

Powered by Blogger.