Header Ads

Breaking News
recent

චෝදනා ඔප්පු වී නැහැ... එනිසා රිෂාඩ් පන්නන්න බැහැ - සජිත් පිලේ ස්ථාවරය

රිෂාඩ් බදුදීන් මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම පක්ෂය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතායි.

ස්ථාවරයට පදනම

බණ්ඩාර මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ එම ස්ථාවරය ප්‍රකාශ කරන්නේ බාලවයස්කාර දැරියක සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ගිනි ගැනීමෙන් මිය යාම සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතා සහ ඔහුගේ පවුලේ අයට එරෙහිව ඉදිරිපත්ව තිබෙන චෝදනා පදනම් කොටගෙන.

එම චෝදනා සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතා වැරදිකරුවෙකු බව අධිකරණයෙන් තවමත් ඔප්පු වී නොමැති හෙයින් ඔහුව සමගි ජන බලවේගය ඉවත් කිරීමට නොහැකි බවයි බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

තවමත් වැරදිකරු වී නැහැ

බාල වයස්කාර දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා වලට ඔහු අධිකරණයකින් වැරදිකරුවෙකු වූවහොත් පමණක් ඔහුව සමගි ජන බලවේගය ඉවත් කිරීමට පියවර ගන්නා බවයි බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ බාල වයස්කාර දැරිවියක සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම සමගි ජන බලවේගය කිසි විටකත් අනුමත නොකරන බව සඳහන් කරන බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුව මෙම සිද්ධිය යොදාගෙන දැන් යළිත් ජාතිවාදී දේශපාලනයක නියැලෙන බවට චෝදනා කරනවා.

දැරිවියගේ මරණය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වන රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ එම ස්ථාවරයේ හෙළිදරව් කළේ දෙරණ රූපවාහිනී සේවයේ වැඩ සටහනකට එක්වෙමින්.


No comments:

Powered by Blogger.