Header Ads

Breaking News
recent

දෙමළ ඩයස්පෝරාව අලුත් සටනකට සැරසෙයි! 1976 සම්මත කරගත් යෝජනාව එළියට ගනී!

දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රබල එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වන නෙදුමාරන් හා කාසි ආනන්දන් ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනකු සහභාගි වී සිට ඇති අතර දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් සීමාමායිම් රහිත දමිළ රාජ්‍යයේ නායකයා වශයෙන් සැලකෙන වී. රුද්‍රකුමාරන් ඇතුළු ප්‍රබල සාමාජිකයන් පිරිසක් සහභාගි වී සිට ඇති බව දැනගන්නට ඇත.

මෙහි රුද්‍රකුමාරන් සහ නෙදුමාරන් යන එවකට එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් සමග මුහුණට මුහුණ සාකච්ඡා කර ඇති පුද්ගලයන්ය.

කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා වී ඇත්තේ වඩුක්කෝඩෙයි ප්‍රකාශය ඉදිරියට ගෙන යෑම පිළිබඳවය.

වඩුක්කෝඩෙයි ප්‍රකාශය සම්මත කරගත්තේ 1976 මැයි 14 වැනි දිනය.

ඒ, එවක සිටි දමිළ නායකයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් උතුරේ වඩුක්කෝඩෙයිහිදීය.

මෙය 1977 පැවැති මැතිවරණයටද ඉදිරිපත් කෙරුණු අතර ඊට මහමැතිවරණයෙන් ජනවරමක්ද ලැබිණි.

එම යෝජනාවෙන් කියවුණේ දමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර පළාත්වලට වෙනම පාලනයක් හිමිවිය යුතු යැයි කියාය.

ඒ අනුව පසුගියදා දෙමළ ඩයස්පෝරා නායකයන් හා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අතර පැවැත්වී ඇති සූම් සාකච්ඡාවේදී මෙම වඩුක්කෝඩෙයි යෝජනාව නැවත වතාවක් කරළියට ගෙන ඉදිරියට ගෙන යෑමට තීන්දු කොට ඇත.

එම යෝජනාව ඉදිරියේදී ඉන්දීය නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කොට ඒ හරහා ආණ්ඩුවට බලපෑම් සිදුකිරීමටද ඩයස්පෝරාව විසින් එම සාකච්ඡාවේදී තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Powered by Blogger.