Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තු ගර්භය තුළ දී සම්පන්දන්ව වීඩියෝ කළ මන්ත්‍රීට දඬුවම් දෙන්න - සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි

පාර්ලිමේන්තුවෙ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් වන ටී.එන්.ඒ නායක මෙන්ම හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාදයන්ට හානි වනසේ ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනයක් රැගෙන අපහසාත්මකව ෆේස්බුක් මාධ්‍ය ජලය වෙත යොමු කළ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සම්බන්ධව විමර්ශනයක් කර ඔහුට එරෙහිව දඬුවමක් ලබා දෙන ලෙස ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ  පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෙකුගේ උදව්වෙන් පාර්ලිමේන්තු සභාව වෙත සම්පන්දන් මන්ත්‍රීවරයා පැමිණ තිබුණේ ඔහුට පඩි පෙළ නැගීමට නොහැකි නිසා බවත් රජයේ අනුමත නිර්දේශ ප්‍රකාරව රෝද පුටුවකින් ගමන් කළ හැකි ප්‍රවේශයක් පාර්ලිමේන්තු ගර්භය තුළ නැති බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එස් තිබියදී පාර්ලිමේන්තු ගර්භය තුළ වෙන කෙනෙකුගේ ආධාරයෙන් ඇවිදන් එන පූර්ණ දර්ශනයම වීඩියෝගත කළ මන්ත්‍රීවරයෙක් එම වීඩියෝව “ බැටී ටීවී“ නැමති ෆේස් බුක් පිටුවේ පල කර කියා තිබුණේ වියපත් වී නමුත් සම්පන්දන් මන්ත්‍රීවරයා සිය පාර්ල්මේන්තු අසුන අත්හැරීමට සූදානම් නැත බවත් මෙවැනි වියපත් අය ඉවත් වී නව පරපුරකට ඉඩ ලබා දිය යුතු බවත්ය.

පාර්ලිමේන්තු ගර්භය තුළ සිදු කළ මෙම වීඩියොව පිළිබඳ තමන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව කියූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ වෙලාවට අදාලව පාර්ලිමේන්තු ගර්භය තුළ වූ සී.සී.ටී.වී කැමරා දර්ශන නිරීක්ෂණයෙන් මේ නොකටයුත්ත කළ පුද්ගලයා පසුවෙන් අල්ලා ගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්නා දුන්නේය.


No comments:

Powered by Blogger.