Header Ads

Breaking News
recent

කොළඹ බෝම්බ පුපුරන හඬ පටයක් - පොලිසිය වහා පරීක්ෂණ අරඹා සොයා ගත් දේ!

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සමාජ මාධ්‍යයේ පළවන හඬ පටය අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම හඩ පටයේ මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවත්, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහල හඬ පටයක් නැවත වතාවක් මේ අයුරින් හුවමාරු වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේය.


No comments:

Powered by Blogger.