Header Ads

Breaking News
recent

රැපිඩ් ඇන්ටිජන් කරන්න නං දවසකට හරි රෝහල්ගත වෙන්න - පෞද්ගලික රෝහල්වලින් කොන්දේසියක්!

පෞද්ගලික රෝහල් සහ රසායානාගාර හරහා සිදු කරන කොවිඩ් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීමට රජය කටයුතු කළ අතර ඒ අනුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අයකළ හැකි උපරිම මුදල රුපියල් 2000 කි. කෙසේ නමුත් පෞද්ගලික රෝහල් හිමිකරුවන් පවසන්නේ මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

මෙම තත්වය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කරන තත්වයට පෞද්ගලික රෝහල් පත්ව තිබෙනවා.

ඇතැම් පෞද්ගලික රෝහල් පවසා තිබෙන්නේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නම් එක් දිනකට රෝහල්ගත වන ලෙසයි. කොවිඩ් බවට සැක සහිත පුද්ගලයන්ට ඒ බව තහවුරු කර ගැනීමට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නම් රෝහල්ගත වීම හරහා තවත් සැළකිය යුතු මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.


No comments:

Powered by Blogger.