Header Ads

Breaking News
recent

ඩෙල්ටා නිසා රෝග ලක්ෂණ කිසිවක් නැතිව හෘදයාබාධ ඇති විය හැකියි - ජ්‍යේෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් අනාවරණයක්!

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට කිසිදු කෝවිඩ් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘද අකර්මණ්‍ය තත්වයන් ඇති විය හැකි බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යේෂ්ඨ හෘද රෝග විශේෂඥ ගෝටාභය රණසිංහ මහතා අනාවරණය කරනවා. 

ඒ අනුව කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි කිසිදු නිදන්ගත රෝග තත්වයක් නොතිබූ අයට ජීවිත අවදානමකට මුහුණ දෙන බවයි, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අන්දමින් හෘදයාබාධවලට ලක් වූ 20 දෙනෙකුගේ පමණ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාවන් පසුගිය දිනවල තමන් ට සිදුකරන්නට වූ බව ද විශේෂඥ වෛද්‍ය ගෝටාභය රණසිංහ  මහතා  සඳහන් කළා. 

හෘදයාබාධ හෝ හෘත් අකර්මණ්‍ය තත්වයන්ට ඔවුන් ලක් ව තිබුණේ කිසිදු කෝවිඩ් රෝග ලක්ෂණයක් හෝ නිදන්ගත රෝගී තත්වයක් නොමැතිවයි. 

මේ ප්‍රවණතාවය කෝවිඩ්-19 වසංගතයේ පළමු හා දෙවැනි රැල්ල පැවති කාල පරිච්ඡේදයේදී දැකගත නොහැකි වූ බව ද ඔහු තවදුරටත් පවසනවා. 

ඒ අනුව මෙය තුන්වැනි රැල්ල හෙවත් ඩෙල්ටා ප්‍රභේදය සමග උද්ගත වූ තත්වයක් ලෙස හඳුනාගත හැකියි. 


මෙම තත්වයට ලක් වීමට වැඩි අවදානමක් තිබෙන්නේ තරුණ සහ මැදිවියේ පසුවන පුද්ගලයන් බව ද විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කරයි. 

ඒ අනුව සැලකිල්ලෙන් පසුවන ලෙසටත්, මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නම්, එනම් අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි ඉතිහාසයක් නොමැතිව හෘද රෝග තත්වයකට ලක් වන්නේ නම් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන ලෙසට ද විශේෂඥ වෛද්‍ය ගෝටාභය  රණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

මෙවැනි අයට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

- අමාලි ජයවීර 


No comments:

Powered by Blogger.