Header Ads

Breaking News
recent

ලාංකිකයන්ට ඉතාලියට ඇතුළුවීමේ තහනම ඉවත් කරයි!

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම අද (30) දිනයෙන් පසුව ඉවත් කිරිමට ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ.

මාස 5 ක් පුරා පැවති මෙම ගුවන් මගි තහනම ඉවත් කිරිමේදි ඉතාලියේ දරුවන් සිටින මාපියන්ට ඉකුත් අප්‍රේල් මස 29 දිනට පෙර සිට ඉතාලියේ ස්ථිර පදිංචිය තිබු අයට මෙන්ම ඉතාලියේ අධ්‍යාපනය ලබන අයට හා විවිධ රෝගාබාද වලට ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ට කිසිදු ගැටළුවකින් තොරව ඉතාලියට ඇතුලුවීමට අවසර ලබාදීමට කටයුතු කල බව ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශය පැවසීය.

මෙම සියලු පුද්ගලයන් ඉතාලි සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට යටත්ව ඉතාලියට ඇතුලුවීමේදි කටයුතු කලයුතු බව වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කල නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.


No comments:

Powered by Blogger.