Header Ads

Breaking News
recent

රාජසන්තක කරන්න ඕන සීනි තොගයක ප්‍රමාද ගාස්තුත් ඇමති අත්හරියි

සීනිවලට හොඳ මිලක් ලැබෙනතෙක් මාස දෙකකට ආසන්න කාලයක් වරායෙන් මුදා නොගත් සීනි කන්ටේනර් 600ක ප්‍රමාද ගාස්තුත් ඉවත්කර මුදා හැරීමට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සූදානම්වන බව වාර්තා වේ. අදාළ කන්ටේනර්වලින් 433ක් ගෙන්වා ඇත්තේ මෙරටට සීනි ගෙන්වනු ලබන ප්‍රධාන ව්‍යාපාරිකයන් 09 දෙනෙකු විසිනි.

මෙසේ මුදාහැරීමට සූදානම්වන සීනි කන්ටේනර් තුළ සීනි මෙට්‍රික්ටොන් 12,000 ක් පමණ අඩංගුවන අතර මේ සඳහා ප්‍රමාද ගාස්තු අය කළේ නම් මිලියන 240ක පමණ මුදලක් ඒ සඳහා අය කළ යුතු බව පැවසේ.

වාණිජ බැංකු නිකුත් කළ ණයවර ලිපි ඔස්සේ මෙම සීනි තොගය ආනයනික බලපත්‍ර යටතේ ඉන්දියාවෙන් ආයනය කර ඇති බව පැවසේ.

මේ අතර තවත් සීනි ආනයනකරුවකු විසින් බලපත්‍ර නොමැතිව ගෙන්වනලද සීනි කන්ටේනර් 130 ක් ද, මාස දෙකක් තිස්සේ කොළඹ වරායේ රඳවාගෙන ඇති බව ද පැවසේ.

මෙම ආනයනකරු විසින් මියන්මාරයට නැව්ගත කර ඇති සීනි කන්ටේනර් 130 එම රටේ ගැටලුවක් හේතුවෙන් ආපසු කොළඹ වරායට ගොඩබා ඇති බව ද වාර්තා වේ.

මෙම සීනි කන්ටේනර් 130 රටතුළට ගෙනඒමට ආනයන අපනයන පාලකවරයා ඉඩනොදීම නිසා ඒවා ප්‍රතිඅපනයන කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ සීනි තොගය ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කර ඒවා සතොසට ලබාදීමට නියමිත අතර මේවන විට සතොස සීනි කිලෝවක් විකුණනු ලබන්නේ රුපියල් 130කට ය.

පසුගිය මැයි මාසයේදී ඉන්දියාවේ සීනි කිලෝවක තොග මිල ඉන්දීය රුපියල් 20ත් 23ත් අතර තිබූ බව පැවසෙන අතර එය සාමාන්‍යයෙන් මෙරට මුදලින් රුපියල් 63කට ආසන්න මිලකි.

කෙසේවුවද, මාස කිහිපයක් මුදා නොගෙන තිබූ මේ සීනි තොග ප්‍රමාද ගාස්තු නොගෙවා නිදහද් කර නොගන්නේ නම් ඒවා රාජසන්තක කිරීමට හැකියාව ඇති බව වරාය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


No comments:

Powered by Blogger.