Header Ads

Breaking News
recent

වීරකැටියේ වෙඩි තබා ඝාතනය කළ 14 හැවිරිදි සිසුවාගේ සොහොන මත වාඩි වී සීයා වස බොයි!

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි දරුවාගේ හදිසි වියෝව දරාගත නොහැකිව එම දරුවාගේ සීයා වස පානය කර ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. අදාළ දරුවාගේ අවසන් කටයුතු ඊයේ (සැප්.  22) ගජනායකගමදී සිදු කර තිබේ.

මෙලෙස වස පානය කර ඇත්තේ පසුගිය 19 වන දින වීරකැටිය, ගජනායකගම ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වුණු 14 හැවිරිදි දරුවාගේ සීයා වන 67 හැවිරිදි පුද්ගලයෙකි.

එම දරුවාගේ දේහය මිහිදන් කිරීමෙන් පසු අවසන් කටයුතු සඳහා සහභාගි වූ පිරිස සුසාන භූමියෙන් ඉවත්ව ගොස් ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ, මද වේලාවක් සුසාන භූමියේ රැදී සිට ඇති දරුවාගේ සීයා ඉනේ සඟවාගෙන සිටි වස කුප්පියක් ගෙන සොහොන මත වාඩි වී එය පානය කර ඇති බවය.

එම අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි ඥාතීන් පිරිසක් මෙය දැක ඇති අතර පසුව ඔවුන් විසින් එම පුද්ගලයා ප්‍රතිකාර සදහා වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

-මව්බිම 


No comments:

Powered by Blogger.