Header Ads

Breaking News
recent

ලබන සතියේ ගෑස් මිල රු 550 , කිරිපිටි 200 , සිමෙන්ති 50 සහ තිරිඟුපිටි රු 10 කින් ඉහළට!

පසුගිය දිනවල සාකච්ඡාවට බඳුන්වූ පරිදි ජීවන වියදම් කමිටුව රැස්වී වෙළෙඳපොළ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමන්නට තීරණය කර තිබේ.

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද අනුමැතිය ලබාදී ඇත.

ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදීමෙන් පසු ගෑස් මිල රුපියල් 550කින් කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් හා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දමන්නට එහිදී අනුමැතිය ලබාදී නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනතාවට බර වැඩි බව වැටහී සහල් මිල සහ ළඳරු කිරිපිටි මිල ඉහළ නොදැමීමට ජිවන වියදම් කමිටුව තීරණය කර ඇත.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම මිල ගනන් ඉහළ දැමීමේ නිර්දේශය ලද බව තහවුරු කළේය.

ඒ අනුව ලබන සතියේ මිල ඉහළයාමින් පසු කිරිපිටි කිලෝ ග්‍රෑමයක නව මිල රුපියල් 1145ක්ද කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1050ක් වනු ඇති අතර කිගෝ ග්‍රෑම් 13 ගෑස් සිලින්ඩරයක නව මිල රු 2070 ක් වනු ඇත.


No comments:

Powered by Blogger.