Header Ads

Breaking News
recent

ඥානසාර හිමියන්ට එරෙහිව ඩලස්ට ලියුමක් ඇවිත්!

ජාතිවාදය අවුස්සාලීමට ගලගොඩඅත්තේ හිමියන්ට රාජ්‍ය මාධ්‍යයන්හි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

මෙම ලිපිය මගින් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය ඇමැතිවරයාට පෙන්වා දී ඇත්තේ ඉකුත් 18 වැනිදා රාජ්‍ය මාධ්‍ය හමුවට පැමිණි හිමියන් මුස්ලිම් ජනතාව ඇවිදින බෝම්බ ලෙස හදුන්වමින් අදහස් ප්‍රකාශ කළ බවකි.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයන්ට හානිදායක අයුරින් බරපතළ ප්‍රකාශ ගණනාවක්ම උන්වහන්සේ විසින් එහිදී සිදු කර ඇති බවද මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

එමනිසා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් විවිධ ජාතීන්ග් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අමාත්‍යවරයාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.


No comments:

Powered by Blogger.