Header Ads

Breaking News
recent

විස්සයි විස්ස ලෝක කුසලාන සිංදුවෙන් ලංකාව හලයි!

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතයි.

ඉන්දියාවේ සුපිරි සංගීතවේදී අමිත් ත්‍රිවේදී විසින් නිර්මාණය කළ එම ගීතය ඊයේ (23) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ.

3D සහ 2D තාක්ෂණය යොදා ගනිමින් සිදුකළ එම වීඩියෝවේ විරාට් කෝලි, කයිරන් පොලාඩ්, ග්ලේන් මැක්ස්වෙල් සහ රශීඩ් ඛාන්ගේ රුව සජීවීකරණයට ලක් කර තිබේ.
ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල් නගර සහ ජාතික කොඩි ඊට යොදාගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් පිළිබිඹුවන කිසිදු දෙයක් එම වීඩියෝවේ නොමැතිවීමයි.


No comments:

Powered by Blogger.