Sunday, March 16 2025

Header Ads

පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක් - ආරක්‍ෂක ලේකම්

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වත්මන් ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීමට උත්සාහ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසිය විසින් පවත්වා ඇති බවත් තවදුරටත් පවත්වන බවත් ආරක්ෂා තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස වගකීමෙන් පවසන බවද ඔහු පැවසීය.

දැනටමත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද පැවසූ ඔහු බොරු මත වලට නොරැවටෙන්නැයි තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Leave a Comment

Powered by Blogger.