Header Ads

Breaking News
recent

SLPL : ‘ජැෆ්නා ස්ටාලියන්’ සුභාෂ්කරන් අලිරාජා ගනී.. අමුතු දේ වන බව හිටපු හිමිකරුවන් කියයි…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සහභාගිවන ‘ජැෆ්නා ස්ටාලියන්’ කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනසක් සිදුව තිබේ. නමුත් එම වෙනස් වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ හිටපු හිමිකරුවන් බලවත් අප්‍රසාදය පළකර ඇත.

එම කණ්ඩායමේ මෙවර නව හිමිකාරීත්වය හිමිව ඇත්තේ ‘ලයිකා මොබයිල්’ සමාගමේ සුභාෂ්කරන් අලිරාජාටයි.

තරගාවලි සංවිධායකයන් විසින් පසුගියදා ඒ නිල වශයෙන් ඒ බව නිවේදනය කර තිබිණි.

හිටපු හිමිකරුවන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ විනිවිදභාවය සහ විශ්වාසය නොමැති වීම හේතුවෙන් තරගාවලිය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවයි.

එමෙන්ම තරගාවලිය වටා සිටින විවිධාකාර පුද්ගලයන් හේතුවෙන් සහ සිදුවූ අමුතු ආකාරයේ සිදුවීම්වලින් පසුව වෙනත් කණ්ඩායමක් භාරගන්නා ලෙස වාචික යෝජනා ඉදිරිපත් වූ බවත් ඔවුන් කියා සිටියි.

No comments:

Powered by Blogger.