Header Ads

Breaking News
recent

මම වගකීමෙන් කියනවා, මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න හම්බෙන්නේ නෑ - දුමින්ද සිල්වා

වත්මන් ආණ්ඩුව තවත් වසර 15කටවත් පෙරළීමේ හැකියාවක් නොමැති යැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසයි. 

"මේ රටේ පොහොර ප්‍රශ්නය තියෙනවා, ගුරු ප්‍රශ්නය තියෙනවා, උද්ඝෝෂණ ප්‍රශ්නය තියෙනවා. එක එක ප්‍රශ්න එක එක විදියට ආණ්ඩුව වට්ටන්න කටයුතු කරනවා. මම වගකීමකින් කියනවා මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න හම්බෙන්නේ නෑ. ඒක මම වගකීමෙන් කියනවා" 

දුමින්ද සිල්වා මහතා මේ බව පැවසුවේ ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් ඊයේ (27) කොළඹදී සංවිධානය කර තිබුණු පිළිගැනීමේ උත්සවයකට එක්වෙමිනි. 


No comments:

Powered by Blogger.